firefox
Revision Information
- Revision id: 135471
- Created:
- Creator: kavinda1995
- Comment: Whole article translated to sinhala
- Reviewed: No
- Ready for localization: No
Revision Source
Revision Content
ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවය සුපිරි ලෙස වේගවත් වී ඔබගේ web browser එක ඉබි ගමන මෙන් මන්දගාමී නම් එයින් ඇති ඵලය කුමක්ද? මෙම ලිපිය ඔබව එම මන්දගාමී බවට හේතුව සොයා බලා එය විසදීමට මග පෙන්වනවා. එමෙන්ම, ඔබට මෙයට අමතරව තවත් උදව් අවශ්‍ය නම් ඔබට උදව් කිරීමට ස්වෙච්චා ප්‍රජාව බලා සිටිනවා.
Table of Contents
- 1 Firefox යාවත්කාලීන කිරීම
- 2 අධික දෘඩාංග සම්පත් භාවිතය
- 3 Firefox ප්‍රතිචාර දැක්වීම නවතිනවා නම්
- 4 "Warning Unresponsive script error" දෝෂය
- 5 Firefox ආරම්භ වීමට බොහෝ වේලා ගැනීම
- 6 ඔබගේ පරිගණකය වෛරස හෝ මැල්වෙයා වලින් ආසාධනය වී ඇත්දැයි බලන්න
- 7 Windows මෙහෙයුම් පද්ධතිය ප්‍රශස්ත තත්වයකට සැකසීම
- 8 අනවශ්‍ය අන්තර්ගත හා යෙදවුම් ඉවත් කිරීම
- 9 මේ කිසිවක් මගේ ප්‍රශ්නය විසදීමට සමත් වූයේ නෑ. දැන් මම කුමක් කල යුතුද?
Firefox යාවත්කාලීන කිරීම
Firefox නිරතුරුවම වැඩිදියුණු වෙමින් පවතිනවා. එහි නවතම සංස්කරණය පෙරට වඩා වේගවත් හා එහි වේගය අඩාල කරන දෝෂ බොහොමයක් නිවැරදි කර තිබෙනවා. Firefox යාවත්කාලීන කිරීම පිළිබද උදව් ලබා ගැනීම සදහා මෙම ලිපිය භාවිතා කරන්න. Firefox නවතම යාවත්කාල කිරීම
අධික දෘඩාංග සම්පත් භාවිතය
Monitoring tool මගින් අධික දෘඩාංග භාවිතයක් පෙන්වනවානම්, Firefox uses too much memory or CPU resources - How to fix සහ Firefox uses too much memory or CPU resources - How to fix යන ලිපි කියවා බලන්න.
Firefox ප්‍රතිචාර දැක්වීම නවතිනවා නම්
Firefox ක්‍රියාත්මක වීම නැවතී වේලාමාපක ලකුණ දිස්වේනම්කැරකෙන රෝද ලකුණ දිස්වේනම්කැරකෙන රෝද ලකුණ දිස්වේනම්තිරය අළු පැහැ ගැන්වී ඇත්නම්, මෙම ලිපිය බලන්න Firefox hangs or is not responding - How to fix.
"Warning Unresponsive script error" දෝෂය
මෙම දෝෂයට නිරාකරණය කරගන්නා ආකාරය පිලිබදව මෙම ලිපියේ සදහන් කර තිබෙනවා Warning Unresponsive script - What it means and how to fix it. එය ඔබට දෝෂය නිරාකරණය කරගැනීමට උදව් වේවි.
Firefox ආරම්භ වීමට බොහෝ වේලා ගැනීම
මෙම ලිපියේ ඇති උපදෙස් පිළිපදින්න Firefox takes a long time to start up.
ඔබගේ පරිගණකය වෛරස හෝ මැල්වෙයා වලින් ආසාධනය වී ඇත්දැයි බලන්න
ඉහත සදහන් වී නොමැති දෝෂ නිරාකරණය කරගැනීම සදහා, ඔබගේ පරිගණකයේ virus, spyware හා වෙනත් අහිතකර මෘදුකාංග ප්‍රති-වෛරස මෘදුකාංගයක් භාවිතයෙන් ඉවත් කර ගන්න. වැඩිදුර විස්තර සදහා මෙම ලිපිය කියවන්න Troubleshoot Firefox issues caused by malware.
Windows මෙහෙයුම් පද්ධතිය ප්‍රශස්ත තත්වයකට සැකසීම
ඔබගේ windows මෙහෙයුම් පද්ධතිය වේගවත් කරගෙන ඔබගේ පරිගණකය වඩාත් හොදින් ක්‍රියාත්මක වන තත්වයකට පත් කර ගන්න. එය සදහා මෙම වෙබ්-පිටුව බලන්න Maintenance tasks that improve performance.මෙම වෙබ්-පිටුව බලන්න Optimize Windows 7 for better performance. මෙම වෙබ්-පිටුව බලන්න Performance & maintenance - Windows Help. මෙම වෙබ්-පිටුව බලන්න Optimize Performance of Windows 10.
අනවශ්‍ය අන්තර්ගත හා යෙදවුම් ඉවත් කිරීම
ඔබට අනවශ්‍ය අන්තර්ගතයන්, යෙදවුම්, උපාංග හා දැන්වීම් නවත්වා තබා Firefox වේගවත් කරගැනීම සදහා add-on භාවිත කල හැකියි.
- Disconnect add-on - මෙම add-on එක භාවිතයෙන් ඔබට වෙබ්-පිටුවක ඇති නොපෙනන අනවශ්‍ය කොටස් ඉවත් කරගත හැකියි.
- Flashblock add-on - මෙම add-on එක භාවිතයෙන් ඔබට වෙබ්-පිටුවක ඇති Flash කොටස් වලින් අවශ්‍ය කොටස් පමණක් ක්‍රියාත්මක වීමට සැකසිය හැකියි.
- NoScript add-on - මෙම add-on එක භාවිතයෙන් ඔබට වෙබ්-පිටුවක ඇති Script කොටස් වලින් අවශ්‍ය කොටස් පමණක් ක්‍රියාත්මක වීමට සැකසිය හැකියි.
මේ කිසිවක් මගේ ප්‍රශ්නය විසදීමට සමත් වූයේ නෑ. දැන් මම කුමක් කල යුතුද?
සමහර අවස්තා වලදී මෙවැනි ප්‍රශ්න වල හේතුව සොයා ගැනීම ඉතා අපහසුයි. එහෙත් එය විසදා ගැනීමට ඔබට උදව් කල හැකි ස්වෙච්චා ප්‍රජාවක් සිටිනවා.