Thunderbird 45.0 හි වෙනස්කම්
Revision Information
- Revision id: 134538
- Created:
- Creator: Lahiru Himesh Madusanka
- Comment: Changed title, Added search brief
- Reviewed: Yes
- Reviewed:
- Reviewed by: sdglhm
- Is approved? Yes
- Is current revision? Yes
- Ready for localization: No
Revision Source
Revision Content
මෙම ලිපිය මගින් Thunderbird 45.0 අනුවාදය මගින් පරිශීලකයාට දැකගත හැකි ප්‍රධාන වෙනස්කම් පැහැදිලි කරයි. සියලු වෙනස්කම් පිලිබඳ සම්පුර්ණ විස්තරය සඳහා Thunderbird 45 release notes වෙත පිවිසෙන්න.
Table of Contents
විද්‍යුත් තැපැල් සංයුතිය
විද්‍යුත් තැපැල් සංයුතියේ විවිධ වැඩිදියුණු කිරීම් සිදු කර ඇත.
- දැන් යවන්නාගේ නම (From) එක වරක් සිදු කල හැකි සකස් කිරීමක් වශයෙන් පණිවුඩයක් සඳහා වෙනස් කිරීම සිදු කළ හැක.
- දැන් අක්ෂර වින්‍යාසය පරික්ෂා කිරීමට එක් ශබ්ද කෝෂයකට වඩා භාවිතා කරන විට, ශබ්ද කෝෂය තේරීම පණිවිඩයේ කාරණය(subject) සඳහන් කරන විටම සිදු කළ හැක.තවද තෝරාගත් ශබ්ද කෝෂය පෙන්වීමට භාෂා දර්ශකයක් ද පවතී.
- අක්ෂරවල ප්‍රමාණය තේරීම වෙනස් වී ඇත. දැන් සංස්කරණ මෙවලම් තීරුව මත අක්ෂරවල ප්‍රමාණය තේරීමට බොත්තමක් ඇති අතර "Smaller/Larger font size" බොත්තම් ඊළඟට ඇති ප්‍රමාණයට අක්ෂරවල ප්‍රමාණය වෙනස් කරනු ලබයි.
- "Enter" යතුර එබීමෙන් නව ඡේදයක් ලබා දීම,"Shift+Enter" යතුරු එබීමෙන් නව පේළියක් ලබා දීම මගින් Thunderbird සංයුති කවුළුව දැන් පද සකසුවක් (word processor) ලෙස ක්‍රියා කරයි. මෙම නව හැසිරීම tab එකෙන් ඉවත් කළ හැක.
- ලැබූ පණිවුඩයක ඇති ස්ථාපනය නොකළ fonts දැන් font දර්ශකයේ පෙන්නුම් කරයි.
පණිවිඩ භාරදීමේ ආකෘතිය
- පෙරදී, පණිවිඩය ලබන්නාව address book එකෙහි preferring HTML email ලෙස ලකුණු කර නොමැති නම් Thundermail plain text ලෙස පණිවිඩය යවන ලදී. මේ ස්වයංක්‍රිය අවශ්‍රේණි (downgrade ) කිරීම දෙබස් කොටුවෙන් අක්‍රිය කල හැක.
චීන, ජපන් සහ කොරියන් විද්‍යුත් තැපැල්
- චීන, ජපන් සහ කොරියන් අනුලකුණු යොදා සැකසු පණිවිඩ යැවීමේදී අනවශ්‍ය අමතර ඉඩක් පෙළ අතර ඇතුලත්ව තිබුණි. මෙය නිවැරදි කර ඇති අතර පණිවිඩය සකස් කල පරිදිම යැවීම සහ ලබාගැනීම සිදු කෙරේ.
- RFC 1468 සහ RFC 3676 සමග පුර්ණ ලෙස ජපන් පණිවිඩ අනුගත ය.
දුරස්ථ අන්තර්ගතයන් මගහැරීම
- පෙරනිමියෙන් (by default),HTML පණිවිඩයක ඔබ්බවන ලද, පණිවිඩය සමග නොඑවූ, වෙබ් අඩවියකින් load කල යුතු රූප Thunderbird දර්ශනය නොකරයි. මෙය පරිශිලකයන්ව tracking වලින් ආරක්ෂා කරයි. දුරස්ථ අන්තර්ගතයන් load කළ යුතු වෙබ් අඩවි තෝරාගන්නා මෙනුව වැඩිදියුණු කර ඇත. (සටහන: අභ්‍යන්තර වෙනස්කම් නිසා, යවන්නාගේ ඊ-මේල් ලිපිනය මත පදනම් වන දුරස්ථ අන්තර්ගතයන් මගහැරීම් Thunderbird 38 සිට සංක්‍රමණය කර නොමැත.)
- ඔබ්බවන ලද රූප මුල් පණිවිඩයේ දර්ශනය කෙරුණි නම් ප්‍රතිචාර සහ නැවත යවන පණිවිඩවල ද දර්ශනය කෙරේ.
Address Book එක Export කිරීම
- Address book එක දැන් UTF-8 ලෙස export කළ හැක.
- සියලු address books එකම මොහොතේ export කිරීම සිදු කළ හැක.
පණිවිඩ ලැයිස්තුව සහ පණිවිඩ ශීර්ෂය
- පණිවිඩ කවුළුවේ ශිර්ෂයන්වල දැන් "From" සහ "Recipient" තීරු වෙනුවට "Correspondents" තීරුවක් පෙන්විය හැක.
- 45.0 ස්ථාපනයෙහි, mailnews.ui.upgrade.correspondents මනාපය false ලෙස වෙනස් කර "config editor"හි උත්ශ්‍රේණිය(upgrade) ක්‍රියා විරහිත කර නොමැතිනම් දැනට පවතින ෆෝල්ඩර නව තීරුවට උත්ශ්‍රේණි කරනු ඇත. 45.1 ස්ථාපනයේ සිට, ස්වයංක්‍රිය උත්ශ්‍රේණි කිසිවක් නොමැති අතර, "Correspondents" තීරුව පෙරනිමියෙන්(by default) භාවිත කිරීමට බලාපොරොත්තු වන පරිශීලකයන් mail.threadpane.use_correspondents මනාපය trueලෙස දිය යුතුය .
config editor වෙත පිවිසීම සඳහා, > > වෙත ගොස්, > පැනලය තෝරා, tab එක තෝරා ඔබන්න. දිස්වන අනතුරු හැඟවුම් පිටුවේ, ඔබා config editor වෙත පිවිසෙන්න. විස්තරාත්මක තොරතුරු සඳහා, Config Editorබලන්න.
- පණිවිඩයක් බැලීමේදී නම සහ ඊ-මේල් ලිපිනය පණිවිඩ හිසෙන් copy කර ගැනීම context මෙනුවේ new option මගින් සිදු කල හැක.