පෞද්ගලික ගවේෂණය

Revision Information
  • Revision id: 2369
  • Created:
  • Creator: chamath
  • Comment: done
  • Reviewed: Yes
  • Reviewed:
  • Reviewed by: ranganath
  • Is approved? Yes
  • Is current revision? Yes
  • Ready for localization: No
Revision Source
Revision Content
මෙම ලිපිය අදාල වන්නේ ෆයර්ෆොක්ස් 2 හෝ 3.0.x සඳහා නොව ෆයර්ෆොක්ස් 3.5 හෝ පසු සංස්කරණ සඳහා පමණි. ෆයර්ෆොක්ස් තුළ පෞද්ගලිකත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා, Clearing Private Data බලන්න.

අන්තර්ජාලය පිළිබඳ ඔබගේ අත්දැකීම් වැඩි දියුණු කරනු පිණිස ගවේෂකය විසින් අතීතය භාවිත කෙරේ. ගවේෂකය ඔබ විසින් පෙර නරඹන ලද වෙබ් පිටුව හෝ ඔබගේ ප්රියතම වෙබ් අඩවියෙහි පරිශීලක නාමය හා මුරපදය මතක තබා ගත් විට, එම තොරතුරු අතීතය ලෙස සැලකේ.

එහෙත්, එම තොරතුරු ඔබගේ පරිගණකය පරිශීලනය කරන අනෙක් අය දැනගැනීම ඔබ අකැමති වන අවස්ථා තිබිය හැක. උදාහරණයක් ලෙස ඔබගේ මිතුරෙක් හෝ පවුලේ සාමාජිකයෙක් ඔබ සමග පරිගණකය හවුලේ බෙදා ගනී නම් ඔබ නැරඹූ වෙබ් පිටු හෝ බාගත් දේ මොනවාදැ'යි ඔවුන් දැනගැනීම වැළැක්වීමට ඔබට අවශ්ය වීමට ඉඩ ඇත.

ෆයර්ෆොක්ස් 3.5 හෝ පසු සංස්කරණ ඔබට ලබා දෙන "පෞද්ගලික ගවේෂණය" යන විෂේශාංගය මගින් ඔබට නැරඹූ පිටු, ෆයර්ෆොක්ස් හි රඳවා තබා නොගනිමින් අන්තර්ජාලය ගවේෂණය කළ හැක.

සැළකිය යුතුයි: පෞද්ගලික ගවේෂණය විසින් ඔබගේ පරිගණකයේ දත්ත සටහන් වීම වැළැක්වුවද එය ඔබව අන්තර්ජාලයේ දී අඥාත (නිර්නාමික) නොකෙරේ.


පෞද්ගලික ගවේෂණය රඳවා තබා නොගන්නා දෑ

  • නැරඹූ පිටු: කිසිදු පිටුවක් අතීතය මෙනුවේ හෝ පුස්ථකාල කවුළු අතීත ලැයිස්තුවේ හෝ Address bar autocomplete suggestions in Firefoxහි ලිපින ලැයිස්තුවේ හෝ සුරැකීමක් සිදු නොවේ.
  • පෝරම හා සෙවුම් තීරුවේ සටහන්: වෙබ් පිටුවල පෝරම වල පාඨ කොටු (ටෙක්ස්ට් බොක්ස්) තුළ හෝ Search Barහි ඔබ ඇතුළත් කරන කිසිවක් Control whether Firefox automatically fills in forms සඳහා සටහන් ලැයිස්තුවට එකතු නොවේ.
  • මුරපද: පෞද්ගලික ගවේෂණ සැසියකදී කිසිදු මුරපදයක් ස්වයංක්රීයව නොපිරවෙන අතර අතර අලුත් මුරපද සරැකීමක් ද සිදු නොවේ.
  • බාගැනීම් ලැයිස්තු සටහන්: ඔබ බාගන්නා ලද කිසිදු ගොනුවක් පෞද්ගලික ගවේෂණය නැවැත්වීමෙන් පසු එම සටහන් Where to find and manage downloaded files in Firefoxවෙන් මැකී යයි.
  • කුකී: වෙබ් අඩවි මගින් නිර්මාණය කෙරෙන, එමගින් ඔබගේ පරිගණකය තුළ තොරතුරු එනම් එම අඩවි වලට යාමේ අභිරුචි (වෙබ් අඩවි වල "මතක තබා ගන්න" සලකුණු කොටු (චෙක්බොක්ස්) ආදිය ඇත්නම් ඒ කුකී භාවිත කිරීමකි) ගබඩා කෙරෙන ගොනු පරිගණකයේ ගබඩා නොවේ. කුකී පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කුකී බලන්න.
  • වෙබ් කෑෂ් ගොනු: වෙබ් පිටු වලින් තාවකාලික අන්තර්ජාල ගොනු හෝ cached ගොනු පෞද්ගලික ගවේෂණය නවත්වන තුරු සුරකිනු නොලැබේ.
සැළකිය යුතුයි:
  • පෞද්ගලික ගවේෂණය අතරතුර ඔබ එකතු කරනු ලබන නව Bookmarks in Firefox පෞද්ගලික ගවේෂණය නතර කළද ඉවත්ව නොයයි.
  • පෞද්ගලික ගවේෂණය අතරතුර ඔබ ගොනු පරිගණකයෙහි සුරැකුව හොත් පෞද්ගලික ගවේෂණය නැවැත්වූ විට ඒවා නොමැකේ. එහෙත් ඔබ ඒවා බාහිර භාවිත යෙදුමක (ඇප්ලිකේෂන්) විවෘත කළේ නම් ඒවා පද්ධතියේ තාවකාලික බහාලුමෙන් ඉවත් වන අතර බාගන්නා කිසිදු ගොනුවක් Where to find and manage downloaded files in Firefoxවේ ලැයිස්තුවේ දිස් නොවේ.


පෞද්ගලික ගවේෂණය ඇරඹීම

පෞද්ගලික ගවේෂණ සැසියක් ඇරඹීම සඳහා:

  1. මෙවලම් මෙනුව මත ක්ලික් කර පෞද්ගලික ගවේෂණය අරඹන්න සිලෙක්ට් කරන්න.

    652ad745f1d03affc7f1645580458184-1248974352-947-1.png

  2. ඔබ පෞද්ගලික ගවේෂණය ආරම්භ කරන ප්රථම අවස්ථාවේදී ෆයර්ෆොක්ස් ඔබේ පෞද්ගලික ගවේෂණ සැසිය නිමවු පසු ඔබේ දැනට ඇති ටැබ් සුරකිණු ඇති බවට අනතුරු අඟවනු ඇත. ඉදිරියට යෑම සඳහා පෞද්ගලික ගවේෂණය අරඹන්න ක්ලික් කරන්න.
    • ඔබ පෞද්ගලික ගවේෂණය අරඹන ඊළඟ වතාවේදී මෙම අනතුරු ඇඟවීම දිස්වීම අනවශ්ය නම් "මෙම පණිවිඩය නැවත පෙන්වන්න එපා" ඉදිරියේ 'හරි' ලකුණ යොදන්න



652ad745f1d03affc7f1645580458184-1248982104-6-1.png

  1. මින්පසු ඔබ පෞද්ගලික ගවේෂණාකාරයට ඇතුළු වනු ඇති අතර පෞද්ගලික ගවේෂණ තොරතුරු තිරය දිස්වනු ඇත.



fdc206f1e2f0e47152786d77555f0fb8-1248982653-123-1.png



පෞද්ගලික ගවේෂණාකාරයෙන් ගවේෂණය කරන විට සැසිය අතරතුර ෆයර්ෆොක්ස් කවුළු මාතෘකාවේ (පෞද්ගලික ගවේෂණය) යන්න දිස්වනු ඇත. .

fdc206f1e2f0e47152786d77555f0fb8-1248983245-149-1.png


පෞද්ගලික ගවේෂණය නැවැත්වීම

පෞද්ගලික ගවේෂණය නැවැත්වීම සඳහා:

  1. මෙවලම් මෙනුව මත ක්ලික් කර පෞද්ගලික ගවේෂණය නවතන්න සිලෙක්ට් කරන්න.

    652ad745f1d03affc7f1645580458184-1248970222-868-1.png

  2. ඔබ පෞද්ගලික ගවේෂණය ආරම්භ කිරීමට පෙර තිබූ කවුළු හා ටැබි දිස්වනු ඇති අතර ඔබට සාමාන්ය පරිදි ෆයර්ෆොක්ස් භාවිත කිරීමට හැකි වනු ඇත. පෞද්ගලික ගවේෂණය නැවැත්වීමෙන් පසු ෆයර්ෆොක්ස් කවුළු මාතෘකාවෙහි තවදුරටත් (පෞද්ගලික ගවේෂණය) දිස් නොවනු ඇත.


පෞද්ගලික ගවේෂණ සැසියක ෆයර්ෆොක්ස් ඇරඹීම

විකල්ප කවුළුවෙහි ඕනෑම විටක ෆයර්ෆොක්ස් ස්වයංක්රීයවම පෞද්ගලික ගවේෂණාකාරයෙන් ආරම්භ කිරීම සඳහා වූ සැකසුමක් තිබේ.

  1. මෙවලම් මෙනුව මත ක්ලික් කර විකල්ප සිලෙක්ට් කරන්න.
  2. පෞද්ගලිකත්වය තීරුව සිලෙක්ට් කරන්න.

    fdc206f1e2f0e47152786d77555f0fb8-1248983028-142-1.png


  1. Firefox: අතීතය සඳහා රිසිකරණ සැකසුම් භාවිත නරන්න ලෙස සකසන්න.
  2. Firefox ස්වයංක්රියව පෞද්ගලික ගවේෂණාකරයෙන් අරඹන්න සිලෙක්ට් කිරීම සඳහා ක්ලික් කරන්න.
  3. සැකසුම සුරැක කවුළුව වසාදැමීම සඳහා හරි ක්ලික් කරන්න.